කිරුළපන හිමියන් Facebook ගිණුම හකුලන් යන්නම යයි
ඊයේ දවස පුරාවට සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය වුණ චරිතය කිරුළපන ධම්මවිජය හිමියන් කියලා කිව්වොතින් වැරදි නැහැ.
ඒ, මෙරට හැර යන බවට උන්වහන්සේ තැබූ ෆේස්බුක් සටහනත් එක්කයි. ඒ උණුසුම අඩු වෙන්න කලින්, ‘ලොකු ස්වාමීන් වහන්සේට ලියුමක්..’ යනුවෙන් පස්වරුවේ සටහනක් තබා තිබුණා.
ඉන් කියා තිබූණේ, තමන් සිවුරු හැරීමට තීරණය කළ බවයි.
ඒ සමඟම Facebook එකේ ධම්මවිජය හිමියන්ට ලැබුණ ප්‍රතිචාර තවත් වැඩිවෙන්න ගත්තා. කොහොම වුණත්, මේ වෙද්දී ‘කිරුළපන ධම්මවිජය හිමි’ යනුවෙන් තිබූ Facebook ගිණුම මේ වනවිට ඉවත් කරගෙන තිබෙනවා.