Nanduni Ariyawansha, Author at Oruvan.com

මුහුණ කැන්වසය කරගත් අපූරු සිත්තරාවි
මුහුණු පින්තාරු කිරීමේ කලාව සහ ශරීරය පින්තාරු කිරීමේ කලාව (face painting and body painting) අපේ රටට ටිකක් විතර ආගන්තුක මාතෘකාවක්.

නමුත් දැන් දැන් ඒ ආගන්තුක බව නැති වෙලා යන්න පටන් අරන් කිව්වොත් හරි.

වර්තමානයේ අපි දකිනවා විශේෂ අවස්ථාවලදි ඒ කියන්නෙ පොඩ්ඩොන්ගෙ උපන්දින සැමරුම්, ළමා දින සැමරුම් වගේ තැන්වලදි ‘සම කැන්වසය’ කරගෙන නිර්මාණය වන අපූරු සිතුවම්.

ඒ වගේම Halloween කියන්නෙත් ඊට දෙන්න පුළුවන් කදිම උදාහරණ‍යක්.

කඩදාසියක වුණත් කලාත්මකව රූපයක් මතු කරන එක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනෙ. එහෙනම්, සම මතුපිට සිතුවම් මවන එක කෙතරම් අසීරු ඇත්ද ! ඊට කෙතරම් ඉවසීමක්, හැකියාවක් තිබිය යුතුද !!

ඒක අපි දකින තරම් ලේසි දෙයක් නම් නෙවෙයි.

මුහුණු පින්තාරු කිරීමේ කලාව සහ ශරීරය පින්තාරු කිරීමේ කලාවෙන් පටන් ගත්ත මේ සටහන මෙතැන් පටන් ලියවෙන්නේ ‘මුහුණු පින්තාරු කිරීමේ කලාවට’ විශේෂ වන පරිදි.

අපේ කතා නායිකාව වෙන්නෙ, ශෙනාලි විජේවික්‍රම.

‘Face Painting’ එක්ක සාර්ථක ගමනක් යන අපූරු යුවතියක් ඇය. දක්ෂ සිත්තරාවියක්.

ඇයට තියෙනවා “ලස්සන පාට පාට අදහස්” මහ හුඟක්.

ඒ, අන් අයගේ මුහුණු සිතුවම්වලින් හැඩ කරන්න විතරක් නෙවෙයි තමන්ගේ ම මුහුණ අපූරුවට සිතුවම් කරගන්නත්…

ඒවා හරි සියුම්ව මුහුණ කැන්වසයක් කරගෙන කළ සිත්තම්.

ආරම්භයේදී ම කියූ හැටියට පොතක ,කොලයක හැඩට රූපයක් මතුකර ගන්න එකත් කොච්චර නම් අමාරු වැඩක් ද. හැමෝටම කරන්න පුළුවන් වැඩක් නෙවෙයිනෙ ඒක.

කොලේක එහෙම නම් නිකමට හිතලා බලන්න මුහුණක රූප මතුකිරීම ගැන.

ශෙනාලි සතු ඒ විශේෂ දක්ෂතාව නිසාම පහුගිය දවසක ඇයට හැකියාව ලැබුණා, ස්වර්ණවාහිනී ‘අහංකාර හැන්දෑව’ එක්ක එක්කාසු වෙන්නත්.

‘Face painting’ කියලා කිව්වට මොකද ,සම කැන්වසයක් කරගෙන ශරීරයේ අනෙකුත් ස්ථානවල රූප මතුකරන්නත් ඈ දක්ෂයි.

විශේෂයෙන්ම පොඩ්ඩො හරි ආසයිනෙ උපන්දින පාටියකදි එහෙම තමන් කැමති ම කාටූන් චරිත ජීවමාන වෙනවට. අන්න එහෙම පොඩ්ඩන්ගේ වීරයින්ව සිතුවම් කරන්න ශෙනාලි සතුව සුවිශේෂී හැකියාවක් තියෙනවා.

මුහුණු පින්තාරු කිරීමේ කලාව ගැන කතාබහේදී වඩාත් වැදගත් කාරණාවක් තමයි, ඊට යොදා ගන්නා වර්ණක.

මොකද සම කියන්නේ අතිශය සංවේදී ශරීර අංගයක්. එයිනුත් මුහුණ ආශ්‍රිත සම විශේෂයි.

ඉතින්, එහෙනම් මුහුණු පින්තාරු කලාවේදී භාවිත වර්ණක අනිවාර්‍යයෙන් ම සෞඛ්‍ය ආරක්ෂිත, ශරීරයට හිතකර ඒවා විය යුතුමයි. විශේෂයෙන් ම කුඩා දරුවන්ට හිතකර විය යුතුයි.

අපේ කතා නායිකාව ශෙනාලි සිය කලාව තුළ අද වන විට ඉහළ ජනප්‍රියත්වයක් දිනාගෙන ඉන්න හේතුවත්, ඇය ලබාදෙන ඒ විශ්වසනීය සහතිකය.

අසාත්මිකතා ඇති නොවන පරිදි දුටුවන්ගේ ඇස් පිනවන අපූරු රූ රටා මවන සිත්තරාවියකි ඇය.

ශෙනාලිට ඉන්නවා දක්ෂ කණ්ඩායමක්.

ඔවුන් ලංකාව පුරාම ඔබේ අවශ්‍යතා පරිදි ගුණාත්මක සේවයක් සපයනවා.

එහෙනම් අපි බලමුද ඇගේ අපූරු සිතුවම්වලින් කිහිපයක්…..

The post මුහුණ කැන්වසය කරගත් අපූරු සිත්තරාවි appeared first on Oruvan.com.