කිරුළපන හිමියන් Facebook ගිණුම හකුලන් යන්නම යයි
![කිරුළපන හිමියන් Facebook ගිණුම හකුලන් යන්නම යයි කිරුළපන හිමියන් Facebook ගිණුම හකුලන් යන්නම යයි](https://oruvan.com/wp-content/uploads/2024/12/Kirulapana_Himi_facebook.jpg)
ඊයේ දවස පුරාවට සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය වුණ චරිතය කිරුළපන ධම්මවිජය හිමියන් කියලා කිව්වොතින් වැරදි නැහැ.
ඒ, මෙරට හැර යන බවට උන්වහන්සේ තැබූ ෆේස්බුක් සටහනත් එක්කයි. ඒ උණුසුම අඩු වෙන්න කලින්, ‘ලොකු ස්වාමීන් වහන්සේට ලියුමක්..’ යනුවෙන් පස්වරුවේ සටහනක් තබා තිබුණා.
ඉන් කියා තිබූණේ, තමන් සිවුරු හැරීමට තීරණය කළ බවයි.
ඒ සමඟම Facebook එකේ ධම්මවිජය හිමියන්ට ලැබුණ ප්‍රතිචාර තවත් වැඩිවෙන්න ගත්තා. කොහොම වුණත්, මේ වෙද්දී ‘කිරුළපන ධම්මවිජය හිමි’ යනුවෙන් තිබූ Facebook ගිණුම මේ වනවිට ඉවත් කරගෙන තිබෙනවා.